පාකිස්තාන අගමැති ජනපති ගෝඨාභය රාජපක්ෂට කතා කරයි. මේ වන විට සියයකට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධකරුවන්ට උපරිම දඩුවම් පමුණුවනවා.

0
131
- Advertisement -

පාකිස්තාන අගමැති ජනපති ගෝඨාභය රාජපක්ෂට කතා කරයි.
මේ වන විට සියයකට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධකරුවන්ට උපරිම දඩුවම් පමුණුවනවා.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේ දී ජනාධිපතිවරයාට කතා කොට, සිය රට තුළ දී මැර කල්ලියක් අතින් ශ‍්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප‍්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

අපරාධයට හවුල් බවට සැක කරන පුද්ගලයන් සියයකට වඩා වැඩි පිරිසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බව පවසා ඇති පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා , අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබේ.

ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට මෙන්ම ලජ්ජාවටද පත්වන බව පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =