ප්‍රශ්න තිබුනත් ඡන්දෙට උදව්කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැතිවරණ කොමිසමට පොරොන්දු වෙති.

0
190
- Advertisement -
Share

ප්‍රශ්න තිබුනත් ඡන්දෙට උදව්කරන බවට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
මැතිවරණ කොමිසමට පොරොන්දු වෙති.

මැතිවරණයට අදාල සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කිරීමේ දී තමන්ට නිසිබලතල ලබා දී නැති බවට චෝදනා කරමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ගෙන තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඇදී ගියත්, මැතිවරණය සදහා ලබා දිය යුතු සේවය ලබා දෙන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොරොන්දු වී ඇති බව, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම මත, කොරෝනා මර්දන වැඩසටහනින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තීරණය කර ඇති අතර, ඔවුන්ගේ සහායට ඩෙංගු මර්දන සහායකයන්ද එක්ව සිටිති. එමෙන්ම, සෞඛ්‍ය සේවයේ තවත් වෘත්තීය සමිති රැසක්, සිය සහයෝගය, මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් වෙත පල කර තිබේ.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පමණක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගෙන තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනයට ලක් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =