“ප්‍රජාතන්ත්‍රවාදයේ මහා බලකොටුව තුළ නිරායුධ කළු මිනිස්සු මරා දමති..!” ඝානාවේ ජනාධිපති විරෝධය පායි.

0
808
- Advertisement -

සුදු ජාතික පොලිස් නිළධාරියෙකු විසින්, කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් නිරායුද කළු ජාතිකයා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, ඝානාවේ ජනාධිපතිවරයා, ඔහුගේ විරෝධය පළ කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන්, ඔහු විසින් නිකුත් කර තිබෙන පණිවිඩයේ, දළ සිංහල පරිවර්තනය පහිතින් පළ වේ.

සුදු ජාතික පොලිස් නිළධාරියෙකු විසින්, නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීම, ලෝකය පුරා විසිරී සිටින කළු ජාතිකයන් කම්පනය කර තිබේ.

එම සිදුවීම, වේදනාකාරී ඉතිහාසයක් යළි මතකයට නංවයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව ලෙස විරුදාවලී ලත් ඇමරිකා එක්සත් ජනපදය තුළ, විසිඑක්වන සියවසේ දී ත්, ආයතනගත වර්ගවාදයක් ක්‍රියාත්මක වන්නේ නම්, එය කෙසේ අප පිළිගන්නද..?

ඝානාවේ පුරවැසියන් වෙනුවෙන්, මරාදැමූ ජෝර්ජ් ෆ්ලොයිඞ් ගේ ඥාතීන්ටත්, ඔහුගේ ආදරණීයයන්ටත්, මම මගේ කණගාටුව පළ කර සිටිමි.
මේ වේදනාකාරී අවස්ථාවේ දී, ඇමරිකාවේ ජීවත් වන කළු ජාතික අපගේ සහෝදරයන් අත් නොහැර, ඔවුන් සමග අප සිටින බව ද මම පවසමි.

ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මෙම අවාසනාවන්ත මරණය, ඇමරිකාව; සිය රටතුළ ක්‍රියාත්මක වන වර්ගවාදය නම් ගැටළුව විසදා ගැනීම සදහා ගතයුතු මාර්ගය පිළිබදව අළුත් දැක්මක් ඇති කරනු ඇතැයි අපි සිතමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − five =