ප්‍රකාශයක් දීමට පැමිණි ශානිට පිටව යෑමට පොලින් නිළ රථයක් සහ රියැදුරෙක් ලබා දුන් සහකාර පොලිස් අධිකාරී අමාරුවේ.

0
264
- Advertisement -
Share

ප්‍රකාශයක් ලබා දීම සදහා ඉකුත් 23 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි, එහි හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට, ප්‍රකාශය ලබා දීමෙන් පසුව පිටව යෑම සදහා සිය නිල රථය ලබා දුන්, අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

වැඩතහනමකට ලක්ව සිටින පොලිස් නිළධාරියෙකුට ගමන් කිරීම සදහා පොලිස් නිල රථයක් ලබා දීම වැරදි ක්‍රියාවක් බවයි සදහන් වෙන්නේ.

පොලිස් නිළ රථයට අමතරව, ශානි අබේසේකර මහතා වෙනුවෙන් පොලිස් රියැදුරෙකුද අදාල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − four =