ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම මුළුමණින්ම නතරකර දමන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ සමඟම, පරිසරයට අහිතකර කවර හෝ භාණ්ඩද රටින් ගෙන්වීම තහනම් කරන බවද අමාත්‍යවරයා කීය.
බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන පරිසර හිතකාමී භාණ්ඩ නිපදවීම සඳහා අත්වැලක් වීමට සිය අමාත්‍යංශය කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.