පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ දී සන්ඬේ ටයිම්ස් වාර්තා කරයි.

0
374
- Advertisement -

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ දී
සන්ඬේ ටයිම්ස් වාර්තා කරයි.


පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ දී පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත මුල්පුවතෙන් වාර්තා කර තිබේ.

එම අරමුණ ඇතිව, එළැඹෙන බදාදා දිනයේ දී ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සියළු හිටපු පළාත් සභා මහජන නියෝජිතයන් මුණ ගැසීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද පැවසේ.
මේ වන විට සෑම පළාත් සභාවකම කාලය අවසන් වී ඇති අතර, පළාත් සභා පාලනය වනුනේ ආණ්ඩුකාර වරයෙකු යටතේ ය.

මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

පළාත් සභා සක‍්‍රීය කළ යුතු බව දෙපාර්ශ්වයම අවධාරණය කර තිබෙන කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 9 =