“පළමු බෝම්බය පිපුරුණේ පෙ.ව.8.45 ට. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පෙ.ව. 8.02 ට සිංගප්පූරුවේ සිටි ඔබට කතා කළා නේද?” පාස්කු කොමිසම මෛත්‍රීගෙන් අසයි.

0
620
- Advertisement -
Share
9 / 100

“පළමු බෝම්බය පිපුරුණේ පෙ.ව.8.45 ට.
රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන
පෙ.ව. 8.02 ට සිංගප්පූරුවේ සිටි ඔබට කතා කළා නේද?”
පාස්කු කොමිසම මෛත්‍රීගෙන් අසයි.

පාස්කු ඉරිදා පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ යේ පෙ.ව. 8.45 ට යි. ඒ වන තෙක් ම ප්‍රහාරය පිළිබදව කිසිවක් තමන් නොදැන සිටි බව එවකට හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ හෙළිදරව් වූ කරුණු අනුව, ප්‍රහාරය එල්ල වූ දිනයේ උදෑසන දී ත්, ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු 43 කට පෙර, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

මේ පිළිබදව, කොමිසම, හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දී, හිටපු ජනාධිපති පවසා සිටියේ, තමන්ට තොරතුරු ලැබුණේ බෝම්බ් පුපුරා යෑමෙන් පසුව බවසයි.

මේ පිළිබදව, අරුණ පුවත්පත වාර්තා කර තිබෙන ආකාරය පහත අප උපුටා දක්වමු.

අ.සො.ජ. – අප්‍රේල් 16 ඔබ රට යනකොට මේ තොරතුරු ගැන දැනගෙන සිටියද කියලා කොමිසමට යම් කෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා නම් එය පිළිගන්නවද?

හිටපු ජනපති – මම ප්‍රතික්ෂේප කරනවා. එවැනි තොරතුරක් ලැබිලා රට හැර යන පහත් කෙනෙක් නෙමෙයි මම.

කොමිසම – ඔබ විදෙස් ගතවුණේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නද?

හිටපු ජනපති -ඔව්.

කොමිසම- විදෙස් ගතවෙනකොට වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයෙකු පත්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලය තියෙනවා නේද?

හිටපු ජනපති- සමහර ජනපතිවරු එහෙම කරලා තියෙනවා. නමුත් මට තිබුණේ බරපතළ රෝගී තත්ත්වයක් නෙවෙයි.

කොමිසම – ඇයි බරපතළ රෝගී තත්ත්වයක් නෙමෙයි නම් සිංගප්පූරු රෝහලට ගියේ. ඔබ රටේ සෞඛ්‍ය ඇමැති ලෙස සිටියදී සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඇතිනේ?

හිටපු ජනපති – මම දීර්ඝ කාලීනව සිංගප්පූරු රෝහලෙන් ප්‍රතිකාර ගත්තා.

අ.සො.ජ. – ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවූ පසු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඔබව දැනුවත් කළේ කියලා මේ ගැන. නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන සිංගප්පූරුවේ සිටි ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග ඇමතුමකින් සම්බන්ධ වෙලා තියෙන්නේ අප්‍රේල් 21 මෙරට වේලාවෙන් පෙරවරු 8.02ට පමණ. විනාඩියයි තත්ත්පර 3ක ඇමතුමක් ලෙස මෙය සටහන් වෙන්නේ. පළමු බෝම්බය පිපිරුවේ පෙරවරු 8යි 45ට. ඒ කියන්නේ මේ ඇමැතුම සටහන් වෙන වේලාවට බෝම්බය පුපුරලා නැහැ නේද?

හිටපු ජනපති – (මෙම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඬව සිටි ජනපති) නැහැ. මට තොරතුරු ලැබුණේ පිපුරුණාට පස්සේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =