පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉසුරු උදාන සහ ෂිරාන් ප‍්‍රනාන්දු ආසාදිතයන් බවට තහවුරු වේ.

0
228
- Advertisement -


පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්
ඉසුරු උදාන සහ ෂිරාන් ප‍්‍රනාන්දු ආසාදිතයන් බවට තහවුරු වේ.


සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බන්ග්ලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත් එක්දින තරග මාලාවේ පළමු තරගය අද පැවැත්වීමට නියමිත ය.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත පළමු තරගය ක‍්‍රීඩා කිරීම මේ වන තුරු තහවුරු කර නැති බව වාර්තා වේ.

ඊට හේතුව තරගාවලිය ආරම්භ වීමට පෙර සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුනු කරු චමින්ද වාස් ඇතුළුව ක‍්‍රීඩකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම යි.

දෙවන පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර – එහි වර්තා පැමිණෙන තුරු තරගය ආරම්භ වීම පිළිබදව නිශ්චිතව යමක් කිව නොහැකි බව පැවසේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =