පසුගිය සදුදා දිනයේ දී
බෝරාවරු ඇවිත්.
බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන, ආචාර්ය සයිද්නා සයිෆඩන් ඇතුළු තිස් දෙනෙකුගෙන් යුත් ඔහුගේ අනුගාමිකයන් පිරිසක්, පසුගි ය සදුදා දිනයේ දී විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ වන විට ඔවුන් බණ්ඩාරවෙල පිහිටි නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටින බව පැවසේ.
දිවයින බලා පැමිණීමට පැය හැත්තෑ දෙකකට පෙර එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමුව ඇති අතර, මෙරටට පැමිණි සැණින් ඔවුන් නැවත පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබේ.
පිරිස මේ වන විට, ඔවුන් නැවතී සිටින නිවාඩු නිකේතනයේ අනිවාර්ය දින 21 ක නිරෝධායනයට යොමු කර ඇති අතර යුද හමුදාව විසින් ඔවුන් ආවේක්ෂණය කරනු ලබයි.