පරීක්ෂණ සදහා කරන්නාගොඩ සහාය දෙන්නේ නෑ..!

0
532
- Advertisement -

කප්පම් ලබා ගැනීම සදහා තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීම සහ ඔවුන් අතුරුදන් කිරීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙන පරීක්ෂණ සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහාය ලබා නොදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

තරුණයන් එකොළොස්දෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා සැප්තැම්බර් මාසයේ 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට සැප්තැම්බර් 18 වන දා කළ දැනුම්දීම වසන්ත කරන්නාගොඩ මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔහු එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ, ඔහුගේ බිරිද අසාධ්‍ය තත්ත්වයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ ප‍්‍රතිකාර ලබන බවත්, කිසිම හේතුවකට ඇයගෙන් ඈත් වීමට තමන්ට නොහැකි බවත් පවසමිණි. කෙසේවත්, සැප්තැම්බර් මාසයේ 19 වන දා වසන්ත කරන්නාගොඩ මහතා ඔහුට ලැබුණු නව උසස් වීම වන අද්මිරාල් ඔෆ් ද ප්ලීට් තනතුර ලබා ගැනීම සදහා, බිරිදගෙන් ඈත්ව, සහභාගී වී තිබුණි.

මේ තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වාර්තාකිරීමෙන් පසුව, පසුගිය සිකුරාදා, හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − sixteen =