පරීක්ෂණ පටන් ගනියි; ගෝඨා වෙනුවෙන් චමල් කූඨ ලේඛන හැදුවා ද?

0
597
- Advertisement -
Share

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එතුමාගේ බිරිඳවන අනෝමා රාජපක්ෂ මහත්මිය, ඇමරිකානු පුරවැසි භාවය ලබාගෙන සිටියදීත්, ඔවුන් දෙදෙනාගේ නම්, 2005 වර්ෂයට අදාල ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන්, අනිද්දා පුවත්පතේ නියොජ්‍ය කර්තෘ ලසන්ත රුහුණුගේ මහතා, මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


අදාළ වර්ෂයේ ඡුන්ද හිමි නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අනෝමා මහත්මියගේ නම් සඳහන්ව තිබුණාට අමතරව, ඔවුන් එකී මැතිවරණයේ දී ඡුන්දය පාවිච්චි කර තිබේද යන්න පිළිබදව ද සොයා බැලිය යුතු යැයි ලසන්ත රුහුණුගේ මහතා කොමිසමෙන් ඉල්ලා තිබුණි.

මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාගේ මෙම පැමිණිල්ල පිළිබඳව අද හෝ හෙට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැුස්ව සාකච්ඡුා කිරීමට නියමිත බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අනෝමා රාජපක්ෂ මහත්මියගේ නම් ඡන්දය සඳහා ලියාපදිංචි කර තිබෙන්නේ, මැදමුලන, අංක 114 යන ලිපිනයේ ඔවුන් දෙදෙනා පදිංචිව සිටින බව සඳහන් කරමිනි. එම නිවසේ ගෘහමූලිකයා වන්නේ චමල් රාජපක්ෂ මහතා වන අතර, ඒ වන විටත් ඇමරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ නම අදාල ඡුන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මහතාට ද උත්තර බැදීමට සිදවනු ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =