පරිගණක උපාංග සොරාගත් සිසුන් දෙදෙනෙක් පරිවාසයට

0
550
- Advertisement -

වැලිපැන්න – සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු විවේකාගාරයක පරිගණක උපාංග සොරාගත් තවත් පාසලක සිසුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් පරිවාස භාරයට යොමු කර තිබෙනවා.

පාසල් නිවාඩු කාලය තුල මේ සිසුන් දෙදෙනා පාසලට පැමිණ එහි තිබූ පරිගණක උපාංග සොරාගෙන ඇති අතර,ක්‍රීඩා කිරීමට පාසලට පැමිණි සිසුවෙකු එය දැක ලුහුබැද ගොස් එක් අයෙකු අල්ලාගෙන පොලීසියට භාරදී ඇති බව සඳහන්.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව අනෙක් සිසුවා ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.