පරාජය භාරගන්න යැයි මෙලනියා ට්රම්ප් කියයි.
පුතුන් දෙදෙනා ඊට විරුද්ධ වෙයි.
ජනාධිපතිවරණ ප්රතිඵල පිළිගනිමින්, පරාජය භාරගන්නා ලෙස, ජනාධිපති ආර්යයා, මෙලනියා ට්රම්ප් සහ ජනාධිපති ප්රධාන උපදේශක ජෙරාද් කුෂ්නර්,ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගෙන් ඉල්ලා ඇති බව, සී.එන්.එන් පුවත්සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ජනාධිපතිගේ වැඩිමල් පුතුත් දෙදෙනා වන, ඩොනල්ඞ් ජූනියර් සහ එරික් ට්රම්ප්, ඊට විරුද්ධ බවත්, ජනාධිපතිවරණයේ දී අක්රමිකතා වූ බවත්, ඊට එරෙහිව නීතියම කි්රයාමාර්ග ගත යුතු බවත් කියමින්, සිය ධූරය වෙනුවෙන් සටන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පොළඹවන බවත් එම පුවත්සේවය වාර්තා කර තිබේ.