පර්පචුවල් ට්‍රෙෂරීස් ගනුදෙනුව වගේම මල්වානේ ගෙදර ගැනත්, පැන්ඩෝරා තැන්පතුව ගැනත්, ආණුඩවේ ස්ථාවරය කියන්න අනුර කුමාර දිසානායකගෙන් අභියෝගයක්

0
59
- Advertisement -

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් අයථා ආකාරයෙන් උපයා ගත් රුපියල් කෝටි 850ක මුදල නැවත භාණ්ඩාගාරයට පවරා ගන්නට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳ ස්තුතිවන්ත වන බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අභියෝග කරමින් පවසා ඇත්තේ හැකිනම් මල්වානේ නිවස ගැනත්, එයාර් බස් ගනුදෙනුව ගැනත්, පැන්ඩෝරා පති‍්‍රකා ගැනත් ආණ්ඩුවේ ස්ථාවරය එලෙසින්ම පවසන ලෙසයි.

අනුර කුමාර දිසානායක මහතා පෙන්වන ආකාරයට එයාර් බස් පිලිබඳ ගනුදෙනුවේදී 2014 වසරේ ශී‍්‍ර ලංකන් එයාර් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිනුමට ඩොලර් මිලියන දෙකක මුදලක් බැර වී තිබෙන බවත් එය ලන්ඩනයෙන් හෙළිදරව් වූ දැවැන්ත ගනුදෙනුවක් බවත්ය.

එසේම මල්වානේ අක්කර ගණනාවක ඉඩමක ඉදි කළ මහා මන්දිරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය කුමක්දැයි මෙහිදි අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රශ්න කර තිබේ. මෙම මන්දිරය සම්බන්ධයෙන් අදාළ චෝදනා එල්ල වී ඇත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඬේසන් මහතාටය.

එසේම මෑතකදි ආණ්ඩුවට එල්ල වූ චෝදනාව වූයේ පැන්ඩෝරා පති‍්‍රකා පිළිබඳ ගනුදෙනුවයි. එය මුළුමනින්ම නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඬේසන් මහතාට එල්ල වූ චෝදනායකි.

එබැවින් බැලූ බැල්මටම මේ ගනුදෙනු සියල්ලකම පාහේ රාජපක්ෂවරුන්, ඔවුන්ගේ ඥාතීන් හෝ සමීපතම හිතවතුන් ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ බවට මාධ්‍යය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී. අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අදාළ අභියෝගය එල්ල කර ඇත්තේ මෙවන් පසුබිමකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 2 =