පන්නිපිටියෙන් හොරා කෑ කෝටි 500යේ දියමන්තිය කෙසෙල්වත්තෙන් හමු වේ

0
611
- Advertisement -

පසුගිය දා පන්නිපිටිය ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද කෝටි 500කට අධික වටිනා කමකින් යුත් දියමන්තියක් පාන්දුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කරපු හදිසි වැටලීමකදි සොයා ගන්නා ලදී.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙ පිටිගල ප්‍රදේශයෙ පිහිටා තිබෙන නිවස පරීක්ෂා කිරිමේදී රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.