පනස් දහසකට වැඩි රට විරුවෝ පිරිසක්
මව් රටට පැමිණීමට සිහින දකිති.
නමුත්, දිනකට ගෙන එන්නේ විස්සක් තිහක් පමණි.
යළි මව් බිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන්, පනස් දහසකට වැඩි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලියාපදිංචි වී බලා සිටිය ද, මේ වන විට, දිනකට මව් බිමට ගෙන එන්නේ 20-30 ක් පමණ සුළු පිරිසක් බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත්, දිනකට 300-400 අතර පිරිසක්, ලංකාවෙන් පිටව යන බව වාර්තා වේ.
යළි මව්බිමට ගෙන්වන පිරිස ඉතා අඩු අගයක් ගන්නා බැවින්, පොරොත්තු ලේඛනය අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබෙන බවද පැවසේ.