පනස්හතර දහසක් යළි මව්බිමට ඒමට බලා සිටිති. නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් වන්නේ 6000 කට පමණයි.

0
111
- Advertisement -
Share

පනස්හතර දහසක් යළි මව්බිමට ඒමට බලා සිටිති.
නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් වන්නේ 6000 කට පමණයි.

මැදපෙරදිග කලාපයේ රටවලට ගොස් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතරෙන් 54,000 ක් යළි මව්බිමට පැමිණීම සදහා ඉල්ලුම් කර ඇති බව, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ තරම් ප්‍රමාණයක් යළි මව්බිමට පැමිණීමට ඉල්ලුම් කර ඇතත්, නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉඩකඩ ඇත්තේ හයදහසකට පමණක් පමණක් බවද ඔහු පවසයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඇති ඉඩකඩ 6000 කට පමණක් ප්‍රමාණවත් වුවද මේ වන විටත්, නිරෝධායන මධයස්ථාන තුළ මේ වන විටත් හත් දහසකට වඩා වැඩි පිරිසක් නේවාසිකව සිටින බව වාර්තා වේ.

නිරෝධායන මධයස්ථාන තුළ දින දා හතරක් රැදී සිටීම අනිවාර්යය අතර, දින දා හතරකට පසුව කරන පී.සී.ආර් පරීක්ෂණයේ දී කිසියම් අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත්, අනෙක් සියළු දෙනාද තවත් දින දාහතරක් නිරෝධායනය තුළ රැදී සිටිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + one =