පදිංචි කළ මිනිසුන් ඉවත් නො කරයි. වනය වවන්නේ වෙනත් තැනක…! මාස දෙකක් තුළ වනය වැවිය යුතුයි. වියදම බදියුදීන්ගෙන්.

0
495
- Advertisement -
Share
4 / 100

පදිංචි කළ මිනිසුන් ඉවත් නො කරයි.
වනය වවන්නේ වෙනත් තැනක…!
මාස දෙකක් තුළ වනය වැවිය යුතුයි.
වියදම බදියුදීන්ගෙන්.

විල්පත්තු රක්ෂිතයට අයත් කල්ලාරු ප‍්‍රදේශයේ අක්කර 2500 ක ආසන්න ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින්, අවතැන් වූ පුද්ගලයන් පදිංචි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ට එරෙහි නඩුවේ තීන්දුව ඊයේ දිනයේ දී නිකුත් විය.
මෙම නඩුව පවරා තිබුණේ, පරිසර යුක්ති කේන්ද්‍රය නම් සංවිධානය විසිනි.

අදාල එළිපෙහෙළිකිරීම ආරම්භ වී තිබුණේ 2009 වසරේ දී ය. 2012 වන විට, එම එළිපෙහෙළිකිරීම් බරපතල තැනකට වැටී තිබුණි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය ලබා දී ඇති නඩු තීන්දුවට අනුව, රක්ෂිතය එළිකරමින් පදිංචි කළ අවතැන්වූවන් එම ප‍්‍රදේශවලින් ඉවත් නොකරනු ඇත. ඔවුන් ඉදිරියටත් – ඔවුන්ව පදිංචි කළ ස්ථානවලම ජීවත් වනු ඇත.

එළි පෙහෙළි කරන ලද රක්ෂිතය අක්කර 2500 ක් ලෙස ගණන් බලා ඇති අතර, ඊට හිලව් ලෙස, බදියුදීන් විසින් වෙනත් තැනක එවැනි වන වගාවක් සිදු කළ යුතුය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වන වගාව කළ යුතුව ඇති අතර ඒ සදහා යන වියදම, රිෂාද් බදියුදීන් විසින් සියි පෞද්ගලික ධනයෙන් ගෙවිය යුතුය.

මාස දෙකක් තුළ මේ වන වගාව සිදුකර අවසන් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + fifteen =