“පඩි භාගේ ලිපිය ඉවත් කර ගන්නා ලෙස පී.බී ට උපදෙස් දෙන්න. නැතිනම් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නවා.” ලංකා ගුරුසේවා සංගමය ජනාධිපතිට දැනුම් දෙයි.

0
498
- Advertisement -

වැටුප හෝ වැටුපෙන් අඩක් හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිමින්, ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර විසින් යොමු කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දෙන්නැයි, ලංකා ගුරුසේවා සංගමය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියි.

අදාල ලිපිය, ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කර තිබෙන බව පැවසුවත්, එම ලිපිය පදනම් කරගනිමින්, ක්ෂේත‍්‍ර කිහිපයකම රජයේ සේවකයන්ගේ වැටුප් කපා ගැනීම මේ වනවිටත් අරඹා ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.

ඒ හේතුවෙන්, ජනාධිපති ලේකම් ඉදිරිපත් කළ එම ලිපිය, ඉල්ලා අස්කරගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දෙන ලෙස, ලංකා ගුරුසේවා සංගමය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එසේ නොකළහොත්, ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට තම සංගමය පසුබට නොවන බවද, ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 12 =