පකිස්තානයෙන් පි‍්‍රයන්තගේ පවුලට ඩොලර් ලක්ෂයක්

0
129
- Advertisement -

පසුගිය දා අමානුෂික අන්දමින් පකිස්තානයේදි ඝාතනයට ලක් වූ පි‍්‍රයන්ත කුමාර මහතාගේ පවුලට ලබාදීම සඳහා පකිස්තාන ව්‍යාපාරිකයන් විසින් ඩොලර් ලක්ෂයක මුදලක් එරට අගමැති ඉම්රාන් ඛාන් මහතා වෙත තබා දී තිබේ.

පි‍්‍රයන්ත කුමාර මහතා පකිස්තානයේ සමාගමක රැකියාවක් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තම හෘදයාංගම ශෝකය පළකළ අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසා සිටියේ පි‍්‍රයන්ත කුමාර මහතාගේ වැටුප අඛණ්ඩවම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එසේම මෙම අමානුෂික කි‍්‍රයාවට දායක වූ කිසිවෙකුට කිසිදු සමාවක් නොදෙන බවද ඉම්රාන් ඛාන් මහතා අවධාරණය කළේය. පි‍්‍රයන්ත කුමාර මහතා අමානුෂික මරා පුළුස්සා දමන ලද්දේ පකිස්තානයේ මූලධර්මවාදීන් පිරිසක් විසිනි.

මෙය කිසිම ලෙසකින් පකිස්තාන සිරිත්විරිත් හෝ ඇදහීම් නියෝජනය නොකරන අමානුෂික සිදුවීමක් බව ලෝකයට ඒත්තු ගන්වන්නට අවැසි සියලු පියවර මේ වනවිට පකිස්තාන රජය විසින් අනුගමනය කර තිබේ.

ඒ අනුව අදාළ සිදුවීම සිදුවන විට පි‍්‍රයන්ත කුමාරව බේරාගන්නට දැඩි වෙහෙසක නිරත වූ පකිස්තාන ජාතික මලික් අද්නාද් මහතා හට එරට සිවිල් පිරවැසියෙකු හට ලබාදෙන දෙවැනි උසස්ම සම්මානය අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් පිලිගන්වා ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම මාධ්‍යය හා සමාජ වෙබ් ජාලා විසින් විවිධාකාර මත පළ කරන ලදී. මෙවැනි සිදුවීම් ලංකාවේදීද සිදුවිය. ඉන් ජාත්‍යන්තර අවධානයට ලක් වූ සිදුවීමක් වන්නේ එංගලන්තයේ තරුණ යුවලකට අඩන්තේට්ටම් කර, පෙම්වතා මරා දමා පෙම්වතිය දූෂණය කිරීමේ සිදුවීමයි. එහි නඩු විභාගය නිරීක්‍ෂණය කිරීමට පවා බි‍්‍රතාන්‍ය නියෝජිතයෝ පැමිණියහ. එසේම ඇමරිකාවේදී කළු ජාතිකයෙකුගේ ගෙල පාගා මරාදැමීමක් ගැනද ලෝකය පුරා පසුගිය කාලයේ කතාබහට ලක්විය.

එසේම මැදපෙරදිග රටවල සේවයට ගිය ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙක් මේ වනවිට ඉතාම නින්දිත අතවරවලට ලක්වීම් හා මියයාම් ආදී සිදුවීම් රාශියක් පසුගිය වකවානුව පුරාම වාර්තා විය. එබැවින් සමස්තයක් වශයෙන් පෙන්වා දිය හැක්කේ මෙය ශිෂ්ට ජන සමාජයක සිදු නොවිය යුතු එහෙත් සිදු වුන සිද්ධියක් වශයෙනි.

එවැනි දේ සිදුවීම වැළැක්වීම ඔ්නැම ශිෂ්ට පුරවැසියෙකුගේ හා ආණ්ඩුවක වගකීමයි. එලෙසින් ගත් කළ පි‍්‍රයන්ත කුමාර සම්බන්ධයෙන් පකිස්තානය තම මැදිහත්වීමේ කර්තව්‍යය රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමෙන් ඉටු කර තිබේ. එසේම පකිස්තාන අගමැතිවරයා ලංකාවේ සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වෙනුවෙන් වෙනම උත්සයක් පවත්වා තම ශෝකය පළකිරීමද මෙහිදි ජාත්‍යන්තර අවධානයට පත් වූ කරුණකි.

සියල්ල විමසා බැලීමේදී මෙම සිදුවීම ලංකාවේ සාමාන්‍ය ජන සමාජයට මෙන්ම අදාළ බලධාරිනටද මෙවැනි සිදුවීම් වළකා ගන්නත්, එසේම එවැනි අවාසනාවන්ත සිදුවීම් සාර්ථකව හසුරවන්නත් කදිම පූර්වාදර්ශයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + six =