පක්ෂ විනය කඩකරන්නන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නවා…!

0
730
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින්, වෙනත් පක්ෂ සමඟ කටයුතු කරන නියෝජිතයන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට පක්ෂය සූදානම් බව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පොහොට්ටු පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයාව සිටි කුමාර වෙල්ගම මහතා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිතකට සහභාගී වූවා කියා, දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් කළ බව සිහිපත් කළ දයාසිරි ජයසේකර මහතා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද, පක්ෂ විනය උල්ලංඝනය කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වූවේ ය.

ඊයේ පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු පක්ෂ සම්මේලනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක ඇතුළු තවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකුම සහභාගී වී සිටි අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ දිනයේ දී පොහොට්ටු පක්ෂයේ නායකත්වය භාර ගත්තේ ය.