පක්ෂ නායකත්වයත් විපක්ෂනායක ධූරයත් දෙකම – සජිත් ට.

0
1478
- Advertisement -

දේශපාලනයෙන් සමුගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මහචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මි ය විසින් එසේ කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, කතානායක කරූ ජයසූරිය මහතා ද දුරකථනය ඔස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතා අමතා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් තරග නොකරන ලෙසට ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ අතර, ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථායේ පැවති මාධ්‍ය හමුවකදී, පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද පවසා තිබුණේ, දිගටම පක්ෂ නායකත්වයේ රැුදී සිටීමේ අභිලාශයක් රනිල් වික‍්‍රමසිංහ මහතාට නැති බවයි.

එසේම, විපක්ෂ නායක ධූරය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා කළද, එම යෝජනාව ආපසු හකුළා ගැනීමට නොහැකි යෝජනාවක් නොවන බවද මන්ත‍්‍රීවරයා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + five =