පක්ෂනායකකම සහ අගමැතිකම රනිල්ට දෙන්න සජිත් එකඟ වේ.

0
976
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තමන් නම් කරන්නේ නම්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දිගටම පක්ෂ නායකකමත්, අග‍්‍රාමාත්‍යකමත් ලබා දීමට තමන් එකඟ බව, සජිත් පේ‍්‍රමදාස මහතා පවසා තිබේ.

රනිල් සහ සජිත් අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට වෙහෙසෙන අතර මැද පාර්ශ්වයකට ඒ මහතා මෙම එකඟතාවයන් පළ කර ඇති බවයි පැවසෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජය ගතහොත්, පක්ෂ නායකත්වය ඔහුට හිමි වේ.

කෙසේ වෙතත්, එම වගන්තියට පිටින් ගොස්, අදාල කාරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සමඟ රහස් නීතිමය ලියවිල්ලකට අත්සන් තැබීමට වුවත් තමන් සූදානම් බව සජිත් පේ‍්‍රමදාස මහතා පවසා තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණය ජය ගෙන, පක්ෂයේ ජයග‍්‍රහණය තහවුරු කිරීම මිස පක්ෂ නායකයා වීමට තමන්ට අවශ්‍ය නොවන බවද සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා පවසා ඇති බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 7 =