නොරොච්චෝලේ මෙහෙයුම් කටයුතු චීන සමාගමකට පැවරීමේ අවදානමක්. ලංවිම ඉන්ජිනේරු සංගමය අනතුරු හගවයි.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු චීන සමාගමකට හෝ වෙනත් සමාගමකට පැවරීමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. නොරොච්චෝල බලාගාර පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත පෞද්ගලික ගල්අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීමේදී අනාගතයේදී මෙම අවදානම හා තර්ජනය මතුවිය හැකි බව සිය සාමාජිකයන් දැනුවත් කරමින් ඉංජිනේරු සංගමය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ණය ලබාගැනීමේ දුෂ්කරතා මෙන්ම රාජ්‍ය හවුල්කාරීත්වයක් යටතේ එවැනි බලාගාරයක් ඉදි කිරීමට ණය නොලැබෙන බවද සංගමය අවධාරණය කර සිටියි.
යෝජිත පෞද්ගලික ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමග දැනටමත් ඉංජිනේරු සංගමය සාකච්ඡා ආරම්භ කර ඇත.
•උදයජීව ඒකනායක @ aruna E paper