නෙරපූ රෝහල් අධ්‍යක්ෂ බලහත්කාරයෙන් රැදී සිටියි.

0
530
- Advertisement -
Share

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්වීර බණ්ඩාර, වහාම කි‍්‍රයාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබුණද, අධ්‍යක්ෂකවරයා මෙතෙක් එම නියෝගය පිළිනොගෙන, කුරුණෑගල රෝහල තුළම රැුදී සිටින බව වාර්තා වේ.

කුරූණැගල රෝහලේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණු අතර, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ද, රෝහල අධ්‍යක්ෂවරයා වහාම එම රෝහලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණි.

රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අකාර්යක්ෂම පාලනය, ඔහුට එරෙහි විරෝධතා මතුවීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 13 =