“නීතීඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගත් හේතුව පැහැදිලි කරන්න.” නීතීඥ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලයි.

0
1316
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගත් බව, පොලිස් මාධ්‍යප‍්‍රකාශකවරයා ඊයේ දිනයේ දී ප‍්‍රකාශ කරන ලදී.

අත් අඩංගුවට ගත් පිරිස අතර හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු මෙන්ම නීතීඥ මහත්මයෙකුද සිටියේ ය. අදාල නීතීඥයා වන්නේ හිස්බුල්ලා නමැති අයෙකි.

නීතීඥ හිස්බුල්ලා මහතා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බවත්, ඔහු අත්අඩංගුවට ගත් හේතුව මෙතෙක් පැහැදිලි කර නොමැති බවත්, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සදහන් කරයි.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා, අත්අඩංගුවට ගත් නීතීඥවරයාගේ වෘත්තීය අයිතිවාසිකම් රැක දෙන ලෙසත්, ඔහු අත්අඩංගුවට ගත් හේතුව දැනුම් දෙන ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − ten =