“නීතීඥ හිජාස් හිස්බුල්ලා ට එරෙහිව, රහසේ ලබා දුන් සාක්ෂි මාධ්‍යයට ගියේ කොහොමද..?” කොටුව මහේස්ත්‍රාත් අසයි.

0
703
- Advertisement -

“නීතීඥ හිජාස් හිස්බුල්ලා ට එරෙහිව, රහසේ ලබා දුන් සාක්ෂි
මාධ්‍යයට ගියේ කොහොමද..?”
කොටුව මහේස්ත්‍රාත් අසයි.


පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට සහාය දුන් බව කියන නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් පිරිසක් මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ඉතා රහසිගතව දුන් ප්‍රකාශ මුද්‍රා තබා අධිකරණයේ සේප්පුවේ තිබියදී ඒවා මාධ්‍යයට නිරාවරණය වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (1 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මැයි 12 වැනිදා සාක්ෂිකරුවන් ලබා දුන් රහස් ප්‍රකාශ මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

•ඉෂාර රත්නකාර / arunaEpaper