“නීතීඥ අචලාට, හිජාස් හිස්බුල්ලාට සහ තවත් අයට හිරිහැර කිරීම නවත්වන්න.” ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන.

0
723
- Advertisement -

නීතීඥ අචලාට, හිජාස් හිස්බුල්ලාට සහ තවත් අයට
හිරිහැර කිරීම නවත්වන්න.
ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන.

වත්මන් රජය යටතේ, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් මර්දන වැඩපිළිවෙලක් දියත්ව ඇති බවත්, එය නවත්වන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු මානවහිමිකම් සංවිධාන රැසක් ඉල්ලා සිටියි.

මෑත කාල වකවානුව තුළ, ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබදව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව, ශ්‍රී ලංකාවට ආධාර සපයන සංවිධාන සැලකිල්ලට ගත යුතු බවත්, මානව හිමිකම් රකින ලෙස එම සංවිධාන ශ්‍රීලංකාවට බලපෑම් කළ යුතු බවත් ඔවුන් යෝජනා කරයි.

සිදුවීම් රැසක් උපුටා දක්වමින් කරුණු ගෙන හැර පා ඇති මෙම නිවේදනයේ, කප්පම් ලබා ගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන්කරන ලද තරුණයන් එකොළොස් දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්නට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන ප්‍රහාර පිළිබදව ද අවදානය යොමු කර තිබේ.

එමෙන්ම, නීතීඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීම පිළිබදවද ඔවුන් සිය අවදානය යොමු කර තිබේ. අප්‍රේල් මාසයේ 14 වන දා අත් අඩංගුවට ගෙන ඇති නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණට ඉදිරිපත් නොකර, දින 90 කට ආසන්න කාලයක් රදවා තබා ගැනීම පිළිබදවද ඔවුන් සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

පෙරටුගාමී පක්ෂය විසින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ පවත්වන ලද උද්ඝෝෂණයට සහභාගී වූ නීතීඥ ස්වස්තිකා ආරුලිංගම් අත් අඩංගුවට ගැනීම සහ සමාජ මාධ්‍යයේ විකල්ප අදහස් පල කල සමාජ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙම මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ අවධානය යොමු කර තිබේ.