නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සංධානය එක්ව පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව යටතේ නීතිය හා සාමය සදහා වෙනම අමාත්‍යංශයක් පැවති අතර පොලිස් දෙපාර්තමේන්තුව අදාල අමාත්‍යංශය යටතේ පැවතුණි. දින පනස් එකේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට පසුව පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිය හා සාමය තමන් යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණි.
නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට..?
0
566