“නීතිපති, මගේ ගමනට බාධා කරනවා.” පිල්ලෙයාන් චෝදනා කරයි.

0
192
- Advertisement -
Share

නීතිපති, මගේ ගමනට බාධා කරනවා.
පිල්ලෙයාන් චෝදනා කරයි.

මනුෂ්‍ය ඝාතන චෝදනා මත රක්ෂිතබන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, අද රැස් වුණු 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය සදහා සහභාගී විය.

පක්ෂ නායකයෙකු ලෙස, අභිනව පාර්ලිමේන්තුව අමතා කතා කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, ද්‍රවිඩ භාෂාවෙන් ඔහු කතා කළ අතර, ඔහුගේ එම කතාව තුළ අඩංගු වූ කරුණු කිහිපයක් මෙසේ ය.

දැනට රක්ෂිතබන්ධානාගාරගතව සිටින තමන්ට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමේ අවස්ථාව ඇහිරීමට, නීතිපතිවරයා උත්සාහ දරන බවට ඔහු චෝදනා කළේ ය.

තමන්ට, සෑම පාර්ලිමේන්තු සැසිවාරයක් සදහාම සහභාගීවීමට අවශ්‍ය බව ඔහු පාර්ලිමේන්තුව දැනුවත් කළ් ය.

13 වන සංශෝධනය සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට, ඔහු නායකත්වය දෙන පක්ෂය පූර්ණ සහාය ලබා දෙන බවට පිල්ලෙයාන් පොරොන්දු විය.

යොවුන්වියේ දී, එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී ත්‍රස්තක්‍රියාවල නිරත වුවද, මේ වන විට තමන්, සම්පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය හා එක්ව සිටින බව ඔහු තහවුරු කළේ ය.

මේ රට සංවර්ධනය කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ රජය ගෙන යන ක්‍රියාවලියට තමන් පූර්ණ වශයෙන් සහාය ලබා දෙන බවට ද පිල්ලෙයාන් පොරොන්දු විය.

credit@newswire

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =