නීතිපති බෑ කියන නිසා මැතිවරණ කොමිසම වෙනත් නීතීඥයෙක්ට නඩුව භාර දෙයි.

0
630
- Advertisement -

පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව තිබෙන පෙත්සම් විභාගයට ගැනීමේ දී, මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව, නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසා තිබුණි.

මේ හේතුව මත, පෙත්සම් විභාගයට ගැනීමේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සදහා වෙනත් නීතීඥයන් පත් කර ගැනීමට කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම සදාචාරාත්මක නැති බවයි කොමිසමේ සමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසා ඇත්තේ.

ඒ හේතුව මත, පසුගිය එකොළොස්වෙනිදා පෙත්සම කැදවූ අවස්ථාවේ දී, තමන් වෙනුවෙන් පෙනී සිටීම සදහා වෙනම නීතීඥයෙකුගේ සහාය ලබා ගැනීමට මහාචාර්ය හූල් කටයුතු කර තිබුණි.

ඒ ආකාරයට කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනාද, ඔවුන් වෙනුවෙන් වෙනම නීතීඥයන් දෙදෙනෙකුගේ සහාය ලබා ගැනීමට සාකච්ඡුා කරමින් ඇති බවට වාර්තා වන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන්අවසන් තීරණයක් ගෙන නැති බවද පැවසේ.

පෙත්සම් විභාගය මැයි මාසයේ 18 වන දා යළි කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − eight =