නීතිපති දප්පුල ධූරයෙන් නෙරපා හැරීමට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට..!

0
482
- Advertisement -
Share

(ලංකා ඊ නිව්ස් -2020.ජන.08, ප.ව.11.00) නීතිපති දප්පුල ඩි ලිවේරා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට සිදුකරන ලද නීති විරෝධී බලපෑම නිසා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු ධූරයෙන් නෙරපා හැරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

දප්පුල ඩි ලිවේරා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට සිදුකරන ලද නීති විරෝධී බලපෑම නම් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා වසර 15ක කාලයක් පුරා මහ බැංකුව අලෙවි කළ රුපියල් කෝටි පන් ලක්ෂ හැට දහසක බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා දීම වළක්වන්නැයි පාර්ලිමේන්තුවට නියෝග හෝ නිර්දේශ ලබා දීමයි.

පසුගිය වසරේ නොවැම්බර් 27 දා කෝප් කමිටුවට නීතිපති එවැනි නිර්දේශයක් ලබා දී තිබූ බැවින් කෝප් කමිටුව එකී වෝහාරික විගණන වාර්තාවේ පිටපත් මන්ත්‍රීවරුන්ට ලබා නොදුන්නේය. පසුව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළ බැවින් තිබූ කෝප් කමිටුව අහෝසි විය. නව සැසිවාරය පසුගිය ජනවාරි 3 වැනිදා ආරම්භ වීමෙන් අනතුරුව මේ ප්‍රශ්නය පැන නැගිණ. එහිදී අජිත් පී පෙරේරා රවි කරුණානායක විමල් වීරවංශ ආදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටියේ මේ වාර්තාව මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙසයි. එහිදී සුනිල් හඳුන්නෙත්ති හිටපු කෝප් කමිටු සභාපතිවරයා නීතිපතිවරයා දුන් නිර්දේශය පිළිබඳ සභාවට කරුණු හෙළිකළ අතර නව කෝප් කමිටුවක් පත් කිරීමෙන් පසු කමිටුව රැස්වී තීන්දුවක් ගත හැකි බව පෙන්වා දුන්නේය. ඉන්පසු 5 වැනිදා යලිත් කතානායකවරයා නීතිපතිගෙන් මේ පිළිබඳ විමසා සිටි කළ දප්පුල ඩි ලිවේරා යළිත් කතානායකවරයාට දැනුම් දී ඇත්තේ වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා නොදිය යුතු බවයි.

මෙය අනුර බණ්ඩාරනායක කතානායක ධූරය දැරූ යුගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට කළ නියෝගයක් පසෙක ලා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීමේ පෙර අත්දැකීම යළි සිහිගන්වන කාරණයකි.

පාර්ලිමේන්තුවට නියෝග හෝ නිර්දේශ දීමට නීතිපතිවරයාට බලයක් නැත. ඒ අනුව නීතිපති දප්පුල ඩි ලිවේරාට එරෙහිව දෝෂාභියෝගයෙක් ගෙනැවිත් ඔහු ධූරයෙන් නෙරපා හැරීමට පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂය සූදානම් වේ. බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන ‍වාර්තාව යටපත් කිරීමට නව ආණ්ඩු පක්ෂයට ද සහාය දිය නොහැකි බැවින් ඔවුන්ට ද එවැනි දෝෂාභියෝගයක දී විරුද්ධ විය නොහැකිය. කෙසේ වෙතත් නීතිපතිවරයා ඉවත් කිරීමේ දෝෂාභියෝග යෝජනාවකට අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරුන් 75 දෙනෙකුගේ අත්සන් පමණි. එය සම්මත වීමට ද පාර්ලිමේන්තුවේ ⅔ ක් අවශ්‍ය නැත. සාමාන්‍ය බහුතරයකින් සම්මත වීම සෑහේ.

ආන්දෝලනයට තුඩු දුන් ඇලෝෂියස්ලාගේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ කොමිසන් සභාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් චූදිතයන්ගෙන් දැඩි ලෙසින් ප්‍රශ්න කරමින් රහස් සොයා ගැනීමේ වැඩි බරක් දැමුවේ වර්තමාන නීතිපති දප්පුල ඩි ලිවේරා ය. ඉන්පසුව අතීතයේ සිට සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු සෙවීමට වෝහාරික විගණනයක් කරන ලෙස කෝප් කමිටුවට පැවරිණ. කෝප් කමිටුව ඒ සඳහා විදේශ සමාගමක් 2 කට මහජන මුදල් රුපියල් කෝටි 90 ක් ගෙවා තිබේ. ඒ සඳහා වසර 2 ක් ගත විය.

lanka e news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =