“නීතිපති උපදෙස් නැතිව
බදියුදීන්ගේ සහෝදරයා මුදා හැරියේ කෙසේ ද..?”
නීතිපති ප්‍රශ්න කරයි.
පාස්කු ප්‍රහාරය සදහා සැකපිට අත් අඩංගුවට ගෙන තිබූ, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සහෝදරයා වන රියාද් බදියුදීන් මුදා හැරීම පිළිබදව ප්‍රශ්න කිරීම සදහා, නීතිපතිවරයා විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අදාල පරීක්ෂණ මෙහෙයවනු ලැබූ නිළධාරියා කැදවා ඇති බව වාර්තා වේ.
මේ බව, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනිය වන නිෂාරා ජයරත්න මහත්මිය උපුටා දක්වමින්, නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය වාර්තා කර තිබුණි.
රියාද් බදියුදීන් සම්බන්ධ විමර්ෂණයට අදාල සියළු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා විසින් අදාල පාර්ශ්වයන් වෙත නියෝග කර ඇති බව පැවසේ.
සැකකරු, තමන්ගේ අනුදැනුමකින් තොරව නිදහස් කළේ කෙසේ ද යන්න පිළිබදව ද නීතිපතිවරයා, අදාල පාර්ශ්වයන් වෙතින් විමසා සිටීමට නියමිත ය.