නීතිපතිගේ දේශනය ආවරණයට ආ මාධ්‍යවේදීන්ව පොලීසිය එලවා දමයි.!

0
400
- Advertisement -
Share

නීතිපතිගේ දේශනය ආවරණයට ආ මාධ්‍යවේදීන්ව
පොලීසිය එලවා දමයි.!

ඉකුත් සිකුරාදා දිනයේ, නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිසියේ ඉහළ නිළධාරීන් අමතා සිදු කළ දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්, එම අවස්ථාවෙන් එලවා දමා ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදීන් එළවා දමා ඇත්තේ පොලිස් නිළධාරීන් විසිනි.

අදාල දේශනය ආවරණය කිරීම සදහා පැමිණෙන ලෙස, නීතිපති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුණි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනිය වූ නිශාරා ජයරත්න මහත්මිය මාධ්‍යවේදීන් වෙත ආරාධනා පත් යවා තිබුණි.

ඒ අනුව, නීතිපතිවරයාගේ දේශනය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම පොලිසිය කටයුතු කර තිබේ.

මෙම දේශනයේ දී, නීතිපතිවරයා විසින් පොලිසිය දැඩි ලෙස විවේචනය කර තිබුණු අතර, දේශනය අතරමගදී, වැඩබලන පොලිස්පතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ, ලංකාදීප මාධ්‍යවේදියාව එම ස්ථානයෙන් පොලිස් නිළධාරීන් විසින් ඉවත් කළ ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − three =