නිළධාරීවාදයෙන් ගැලවෙන්න නම්, පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි. ඇමති බන්දුල කියයි.

0
333
- Advertisement -

නිළධාරීවාදයෙන් ගැලවෙන්න නම්,
පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි.
ඇමති බන්දුල කියයි.

පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුව ඇතැයි, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සති අන්ත රාවය පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින්, අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ඇසූ ප‍්‍රශ්නයත්, අමාත්‍යවරයා ඊට දී ඇති පිළිතුරත් පහත අපි පළ කරමු.

ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකලාපය නිසා අමාත්‍යංශවල වැඩ කටයුතු කර ගැනීමට හැකියාවක් නැති බවට අමාත්‍යවරුන් අගමැතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ අමාත්‍යවරුන් අතර ඔබට සිටින බව පැවසෙනවා. මෙම තත්ත්වය ජය ගැනීම සදහා ගතයුතු කි‍්‍රයාමාර්ග වශයෙන් ඔබ යෝජනා කරන්නේ මොනවාද..?


පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි. පිස්සු කරන විපක්ෂයක් වෙනුවට, ආණ්ඩුව, විපක්ෂයේ භූමිකාවත් කළ යුතුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට ලැබෙන බලතල අනුව, මුදල් පිළිබද බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට, රාජ්‍ය ගිණුම් කාරක සභාවට, ඕනෑම නිළධාරියෙකු ගෙන්වා ප‍්‍රශ්න කරන්න පුුළුවන්.

පාර්ලිමේන්තුව ඇතුළටත් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ජේ.ආර්.ජයවර්ධන යුගයේ දී ඔරුවල වානේ සංස්ථාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ ලොබිය ඇතුළට ගෙනල්ලා ප‍්‍රශ්න අහලා තිබෙනවා.

පාර්ලිමේන්තුව නිසි ලෙස හසුරුවා ගත්තොත්, නිළධාරීන්ට සහ බලධාරීන්ට අවශ්‍ය ලෙස, තමන්ගේ අභිමතය කි‍්‍රයාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාවෙන් මුදල් පිළිබද බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අවාසනාවකට පාර්ලිමේන්තුවට තිබෙන බලය ගැන දන්නේ නැති නිසා, විවිධ නිළධාරීන්ට යට වී ඉන්නේ.

ආණ්ඩුවේ මුදල් කියන්නේ මහජනයා බදු වශයෙන් ගෙවන මුදල්. ඒ ගෙවන මුදල් පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි මිසක්, නිළධාරීන්ගේ අභිමතය පරිදි හසුරුවන්න ඉඩ දීලා තියෙන එක තමයි පසුගිය කාලයේ කර තිබෙන වැරැුද්ද. එම වැරැද්ද ඉදිරි කාලයේ දී නිවැරදි කර ගන්න අපි කටයුතු කරනවා