අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහත රටින් පිටවීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානී අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය ප්රකාශ සටහන් කරගෙන තිබේ.
පසුගිය 5 වෙනිදා සහ 6 වෙනිදා යන දෙදිනේ, මෙම නිළධාරීන් දෙදෙනා වෙන වෙනම කැදවා පැය හතරක පමණ කාලයක් මෙම ප්රකාශ ලබාගෙන ඇති බව පැවසේ.