නිශාන්ත සිල්වා ගෙන්වා ගැනීමට ලංකා ආණ්ඩුව ස්විට්සර්ලන්ත රජය සමග සාකච්ඡ කිරීමට සැරසේ.

0
899
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ලංකාවට ගෙන්වා ගැනීමට, ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ඉතාම නුදුරු දිනෙක ස්විට්සර්ලන්ත රජය සමග සාකච්ඡුා අරඹණු ඇතැයි, ඬේලි මිරර් [daily mirror.lk] වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින්, අදාල පුවත් අඩවිය එම ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබුණි.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගිය මාසයේ දී, ආයතන ප‍්‍රධානීන්ගෙන් පූර්ව අවසර නොගෙන, පවුලේ සියල්ලන් හා එක්ව ස්විට්සර්ලන්තය බලා පිටව ගියේ ය.

නව රජය බලයට පත් වීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවක් ලබා දීමත් සමග, නිශාන්ත සිල්වා මහතා රටින් පිටව යෑමේ තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යනු, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළුව ආන්දෝලනාත්මක අපරාධ රැුසක් පිළිබදව පරීක්ෂණ මෙහෙය වූ නිළධාරියෙකි.