නිශාන්ත සිල්වාගේ පලා යෑම..! ආරක්ෂාවට දීලා හිටිය පොලිස් නිළධාරීයෝ දෙන්නත් නිහඩයි ලූ..!

0
455
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන ස්විට්සර්ලන්තයට පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

නිශාන්ත සිල්වා මහතා ස්විට්සර්ලන්තයට පලායාමට ප‍්‍රථම, ඔහුගේ නිල නිවස, නිල රථය, ගිනි අවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී නිවාඩු ද අනුමතකරගෙන ඇති බවත්, ඒ ගැන පියවරක් නොගත්තේ ඇයිද යන්න හෙළිකර ගැනීම සදහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිධාරියෙක් කීය.

නිශාන්ත සිල්වා මහතා, ස්විට්සර්ලන්තට පලා යාම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිළධාරීන් මෙන්ම එහි පාලන අංශය, ප‍්‍රවාහන අංශය ද වගකිව යුතු බව එම උසස් නිළධාරියා කියා සිටියේ ය.

නිශාන්ත සිල්වා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි සමග පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු යොදවා ඇති බවත්, ඔවුන් මේ සම්බන්ධයෙන් නිහඩව සිටීමද ගැටුළුවක් බවත් එම උසස පොලිස් නිළධාරීයා සදහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්නතුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර, හිටපු සහකාර පොලිස් අධිකාරී තිසේරා ඇතුළු පොලිස් නිළධාරීන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, තවත් නිළධාරීන් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ලංකාදීප පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − two =