“නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තා. අපේ කෙනෙක් කොරෝනාවට බෙහෙතක් සොයා ගත්තා. ඒත් දෙන්නට සලකන්නේ දෙවිදිහකට..!” ඇමති විමල් වීරවංශ

0
203
- Advertisement -
Share
1 / 100

“නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තා.
අපේ කෙනෙක් කොරෝනාවට බෙහෙතක් සොයා ගත්තා. ඒත් දෙන්නට සලකන්නේ දෙවිදිහකට..!” ඇමති විමල් වීරවංශ

කොරෝනා සදහා හෙළ බෙහෙතක් සොයා ගත් බව මේ වන විටි වාර්තා වේ. එම බෙහෙත ප‍්‍රවර්ධනය කිරීම සදහා රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබෙමින් තිබෙන බව පෙනී යයි.

එක් පාර්ශ්වයක් මේ බෙහෙත පිළිබදව දැඩි ලෙස විශ්වාසය තබා ඇති අතර, තවත් පාර්ශ්වයක් එම බෙහෙත සහ එම බෙහෙත නිෂ්පාදනය කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සැක සංකා උපදවාගෙන සිටියි.

කෙසේ වෙතත්, අමාත්‍ය විමල් වීරවංශ මහතා, කොරෝනා සදහා සොයා ගත් බව කියන එම බෙහෙත පිළිබදවත්, එම බෙහෙත සොයාගත් පුද්ගලයා පිළිබදවත් ඔහුගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ, බෙහෙත පිළිබදව රජරට විශ්ව විද්‍යාලය තුළ මේ වන විට පර්යේෂණ සිදුකෙරෙමින් තිබෙන බවයි. බොහෝ දුරට, දින තුනකින් මෙම බෙහෙත ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කර යි.

‘කොරෝනා බෙහෙත’

අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය’ ඉල්ලා සිටීවි. දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.දැන් රජරට විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන පර්යේෂණවලින් සනාථ වූ පසු තව දින 3කින් එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි වේවි. එමඟින් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?’ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =