නිවසින් පිටව ගොස් නැවත පැමිණේදි, යුතුරුපැදි දෙක ගින්නකින් විනාශ වෙයි.

0
637
- Advertisement -

යාපනයේ මඩත්තඩි මංසන්ධිය ප්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරුපැදි 2ක් 30 දා සවස ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ගොස් තිබේ.

නිවෙස් හිමියා පවසන්නේ මේ යතුරු පැදි දෙකට කිසියම් පිරිසක් විසින් ගිණි තබන්නට ඇති බවයි.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ නිවැසියන් නිවසින් පිටවී ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ යතුරපැදි ගි‍නිගන්නා ආකාරය දැක ඇති බවයි.

ගින්න හේතුවෙන් යතුරපැදි දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතරල ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

යාපනය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසූවේ යාපනය මහනගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමු අතර ඒ වන විටත් යතුපැදි ගිනිගෙන විනාශ වී තිබු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.