නිරෝධායන නීතිය උල්ලංඝණය කරමින් 500 ක පිරිසක් සමග කතානායක බජට් පාටියට සූදානම් වේ.

0
337
- Advertisement -

නිරෝධායන නීතිය උල්ලංඝණය කරමින්
500 ක පිරිසක් සමග කතානායක බජට් පාටියට සූදානම් වේ.


ආණ්ඩුවේ අයවැය සම්මත වීම සැමරීම සදහා සිය නිල නිවසේ හෙට දිනයේ දී සාදයක් පැවැත්වීමට ගරු කතානායකතුමා සූදානමින් සිටින බව වාර්තා වේ.

අයවැය විවාදයක් අවසානයේ පවත්වන මෙම සාදය සාමාන්‍ය සම්ප‍්‍රදායට අයත් වේ.
එම සාදය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියල්ලන්ටම ආරාධනා ලැබේ.

කෙසේ වෙතත්, පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ, සාද සදහා සහභාගී විය හැකි පිරිස පුද්ගලයන් පනහත් – සියයත් අතර සංඛ්‍යාවයට සීමා කර තිබේ.

එසේ තිබියදී, හෙට පැවැත්වීමට නියමිත බජට් පාටිය සදහා පන්සියයක් පමණ පිරිසකට ආරාධනා පත් යවා ඇති බව වාර්තා වේ.

ලංකාදීප පුවත්පත ඇසුරෙනි.