නිරෝධායනය මගහැරියොත් දේපොළ රාජසන්තකයි.

0
432
- Advertisement -

නිරෝධායනය මග හරින පුද්ගලයන්ට නඩු පැවරීමත්, ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමටත් කටයුතු කරන බව පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය ආදී රටවලින් පැමිණ, නිරෝධායනය මග හැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු මේ වන විටත් රට පුරා විසිරී සිටින බවත්, ඔවුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

මාර්තු පළමුවැනිදා සිට පහළොස්වෙනිදා දක්වා විදෙස් රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයන් සියලූ දෙනා, ළගම පිහිටි පොලිස් ස්ථාන වෙත ලියාපදිංචි විය යුතුය. මේ සදහා පොලිස් ස්ථානයට පැමිණීම අනිවාර්ය නොවේ. 119 අංකය අමතා ලියාපදිංචි විය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 14 =