“නිරෝධායනයට එන අයට හෝටල් ලබා දෙන්නේ නොමිලයේ බව දිලිත් ජයවීර මට කිව්වා.” මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය කියයි.

0
503
- Advertisement -
Share
8 / 100

“නිරෝධායනයට එන අයට හෝටල් ලබා දෙන්නේ නොමිලයේ බව දිලිත් ජයවීර මට කිව්වා.” මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය කියයි.

කොරෝනා පළමු රැල්ල මතුව ආ පසුගිය අපේ‍්‍රල් මාසයේ දී, විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව ගැටළුව මතු වූ විට, තමන් සතු හෝටල් පන්තිය ඒ වෙනුවෙන් ලබා දීමට සූදානම් බව දිලිත් ජයවීර මහතා ප‍්‍රකාශ කළ බව අප ද වාර්තා කළෙමු. ඒ මොහොතේ අපටද හැගී ගියේ, අදාල හෝටල් ඒ වෙනුවෙන් නොමිලයේ ලබා දීමට ඒ මහතා අදහස් කරන බවකි. නමුත් පසුව, ඒ සදහා මිලක් ඇති බව වාර්තා විය.

ඉතා කෙටි කාලයකින් බොහෝ ”නරක” පුවත් වාර්තා වන්නට වූ අතර, ආණ්ඩුවට හිතවත් පිරිසක් කොරෝනා වසංගතය ව්‍යාපාරයක් කරගෙන ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන්නට විය.

දිලිත් ජයවීර මහතාට ද එම වෝදනාව එල්ල කරමින්, විප‍්‍රවාසික මාධ්‍යවේදී,
උවිදු කුරුකුලසූරිය මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

අපි එම සටහන මෙසේ උපුටා දක්වන්නෙමු. මේ සදහා දිලිත් ජයවීර මහතා පිළිතුරු ලබා දෙන්නේ නම්, එම පිළිතුර ද පළ කිරීමට අප සූදානම් ය.

කෙනෙක් එවල තිබ්බ දිලිත්ගෙ සම්පූර්ණ විඩියෝ පම්පෝරිය​. එවපු කෙනාගෙ හිතේ සමහර කෑලි මට කියන්නෙ කියල​. ඒත් මට නම් එහෙම තේරුනේ නැහැ. ඒකෙ දිලිත් කියනව එයා දේශපාලනය කරනවලු, ඒත් ඒ කිසි කෙනෙක්ගෙන් එයා උදවු ගන්නෙ නැහැලු. එයාම කියනව එයා චන්ද්‍රිකාගෙ කැම්පේන් එකට උදවු කරාලු. පස්සෙ තැනක කියනව චන්ද්‍රිකා තමාලු එයාට ටීවී ලයිසන් එක දුන්නෙ. ඉතිං කියපන්කො ඒ ගුවන් තරංග දුන්නෙ කොහොමද කියල​. කොරෝනා ආපු ගමන් හෝටලේ නිකන් දෙනව කියල පබ්ලිසිටි ගත්ත​, ඒ කරල ඒ සීසන් එකට ශෙඩියුල් කරල, ඇඩ්වටයිස් කරල තිබ්බ ගානටත් වඩා වැඩියෙන් පිටරට ඉඳන් එන අයට නිරෝධායනයට කාමර වික්ක​. මටම කිව්ව නිකන් දෙන්නෙ මචං කියල​. පට්ට බොරුකාරයෙක්. පිටරට ඉන්න අයට ටිකට් වික්ක​, පිටරට ඉන්න අයට SMS /WhatsAppකරා ඒ ගොල්ල තමා එම්බසිය එක්ක කෝඩිනේට් කරන්නෙ කියල​. මම ඒවත් දැම්ම ස්ක්‍රීන් ශොට්ස්. මේව කරන්නෙ දේශපාලන අනුග්‍රහයෙන් නෙමෙයිද එතකොට​? ගෝටටත් ආඩම්බරයක් වෙන විදියටලු එයා බිස්නස් කරන්නෙ. මරු! මං ලියන ඒව නිසා උගෙ ආතල් කුඩුවෙන නිසා මාව ෆේස්බුක් එකේ අන්ෆ්‍රෙන්ඩ් කරා කිව්ව​, මම මොකටද මගේ ආතල් කුඩු කරගන්නෙ කිව්ව​. ඒකරල වයිෆ් නෙලුම්ලවා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්ව​, මම ඇක්සෙප්ට් කරා. දැන් නෙලුමුත් ගිහින්. ඒ නිසා ටැග් කරන්න විදියක් නැහැ. කවුරු හරි එතුමාගෙන් මේව අහන්න​. කොහොමද අර ටීවී ලැයොසොම ගත්තෙ කියලවත්. මේ ගුවන් තරංග දීම ගැන මම අර ලයිව් යනකොට නවත්වපු රූපවාහිනී වැඩ සටහනෙදිත් කිව්ව​.රුපියල් 500ක් අම්මගෙන් ඉල්ලං කොළඹ ඇවිත් දියුණු උනා කියලනෙ කියන්නෙ. ඒ ගැන පන්ති ටිකක් තියපන් තරුණ තරුණියන් “දක්‍ෂ ව්‍යවසායකයො” කරන්න​ 🙂

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 18 =