නිරායුධ මිනිසුන් 14 ක් ඝාතනය කළ කුලී හේවායන් සිව් දෙනෙකුට ජනාධිපති ට‍්‍රම්ප් ජනාධිපති සමාව ලබා දෙයි.

0
638
- Advertisement -

නිරායුධ මිනිසුන් 14 ක් ඝාතනය කළ
කුලී හේවායන් සිව් දෙනෙකුට ජනාධිපති ට‍්‍රම්ප්
ජනාධිපති සමාව ලබා දෙයි.

2007 වසරේ දී, බැග්ඩෑඩයේ නිසූරි චතුරශ‍්‍රයේ විවෘත වෙඩි තැබීමක් මගින් නිරායුධ පුද්ගලයන් 14 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී වරදකරුවන් බවට පත් ව දීර්ඝ සිර දඩුවමකට යටත්ව සිටි කුලී හේවායන් සිව් දෙනෙකුට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති ට‍්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය මානව හිමිකම් සංවිධාන සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් කි‍්‍රයාකාරීන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක්ව තිබේ.

2007 වසරේ දී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 12 ක පිරිමි දරුවන් දරුවන් දෙදෙනෙකුද මියගොස් තිබුණි.

වෙඩි තැබීමට සම්බන්ධ වූ පුද්ගලයන්, ඇමරිකානු නිල හමුදාවට අයත් සාමාජිකයන් නොවේ. ඔවුන්, පෞද්ගලික ආරක්ෂක සේවයකට අයත්, කුළී හේවායන් බව හෙළිදරව් විය.

වෙනත් රටක පවතින යුද්ධයක් වෙනුවෙන් කුළී හමුදා යොදා ගැනීම සම්බන්ධයෙන් ද ඇමරිකානු රජයට චෝදනා එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =