නියෝමාල් රංගජීවට – එමිල් රංජන්ට අධිචෝදනා භාර දෙයි.

0
439
- Advertisement -
Share

2012 වසරේ නොවැම්බර් මාසයේ 09 වන ද වැලිකඩ බන්ධනාගාරයේ රැුදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ 40 දෙනෙකුට වඩා වැඩි පිරිසකට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට බන්ධනාගාර කොමසාරිස් ධූරය දැරූ එමිල් රංජන් යට අයට එරෙහිව කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධි චෝදනා භාර දී තිබේ.

විත්තිකරුවන්ට අධිචෝදනා පත‍්‍ර භාර දීමෙන් පසුව, අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා පවසා ඇත්තේ, අදාල සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට තමන් මේ මොහොතේ විරුද්ධ නොවන නමුත්, නඩු විභාගය ආරම්භ වූ පසුව, ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීමට තමන් අපේක්ෂා කරන බවයි.

අධිකරණය, සැකකරුවන් දෙදෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
ඊට අමතරව අදාල සැකකරුවන් දෙදෙනාට රටින් පිටව යාම ද තහනම් කර තිබේ.

නඩු විභාගය අගෝස්තු මාසයේ පළමු වෙනිදා ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =