“නිකිණි මාසයේ රට විවෘත කරනවානම් ප්‍රවේශමෙන් ” ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ.

0
375
- Advertisement -
Share

“නිකිණි මාසයේ රට විවෘත කරනවානම් ප්‍රවේශමෙන් ” ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ.

මට ආරංචි හැටියට ලබන මාසේ විදේශිකයන්ට පැමිණීම සඳහා අපේ රට විවෘත කරනවා කියලා තියෙනවා. ඇත්තටම අපේ රටේ ගැටලු ගොඩක් තියෙනවා තමයි. හැබැයි රටට අමාරුවක් තියෙනවා කියලා ඉක්මනට ම මේ වගේ තීරණ ගත්තොත් දෙවෙනි වාරය කොරෝනා රෝගය අපේ රටටත් ආවොත් දැන් තියනවට වඩා ලොකු කරදරයක් ඇති වෙන්ට ඉඩ තියෙනවා. ඉතින් මම හිතන්නේ නිකිණි මාසයේ මේ රට විවෘත කරත් රටවලින් එන විවිධ පුද්ගලයන් ගැන ලොකු අවබෝධයක් තියා ගන්ඩ සිද්ධ වෙනවා.අපේ රටට ඇතුල් වෙන කොටම.

පිටරටවලින් එන මිනිස්සු කොළඹට විතරක් නෙවෙයි එන්නේ අපේ රට වටේ ම ඒ අය ඇවිදිනවා. වැදගත් තැන් බලන්න ඒ ගොල්ලෝ යනවා. ඒ යන තැන්වලටත් මේ ලෙඩේ ඉක්මනින් බෝ වෙන්ට ඉඩ තියෙනවා. ඉතින් ඒ ඒ හින්දා මම කියන්නේ අපේ රටට කවුරු හරි පිටරටකින් එනවනං වැඩි අවධානයක් යොමු කරලා පරීක්ෂණ තියලා හරි එයාලා මේ රටට ආව ගමන් නිදහස් කරන්නැතිව එයාලා ගැන හොයල බලල මේ ලෙඩේ නෑ කියල තහවුරු කර ගෙන එයාලා නිදහස් කරනවා නම් දෙවෙනි වාරය එන කොරෝනා රෝගයත් අපට පාලනය කරගන්න පුළුවන් වෙයි.

ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා මේ වෙනකොට අපේ රටේ මිය ගිහිල්ලා තියෙන්නෙ තවම එකොළොස්දෙනයි. ඉතින් ඒ ප්‍රමාණයකින් අපි පාලනය වීම ලෝකය වෙන රටවල් එක ගත්තම වැදගත් තැනක අපි ඉන්නවා. ඉතින් එතැන තියාගන්ඩ දොස්තරවරු රණවිරුවෝ හැමෝම එකතු වෙලා ජීවිත ගැන හිතන්නැතුව මහන්සි වුණා. දැන් ඉතින් මේ වෙලාවේ මම කියන්නේ ඒ කරපු දේ තවදුරටත් ඒ විදියටම කරගෙන යන්ඩ ඕන කියලා තමයි මේ රටේ නායකයන්ට මම කියන්නේ.

අරුණ පුවත්පතේ පළවූ ලිපියකින් උපුටා ගත් කොටසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =