නැවත ලංකාවට එනවාද නැද්ද…? ගෝඨාභය දෙගිඩියාවෙන්.

0
895
- Advertisement -
Share

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රුපියල් තුන්කෝටි තිස්නම ලක්ෂයක මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති නඩුව, ලබන 26 වන දා සිට විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබේ.

ඒ සඳහා අධිකරණයෙන් ඔහුට ලබා දී තිබෙන කාලය ජූලි 24 වන දිනයෙන් අවසන් වීමට නියමිතය.

නැවත ලංකාවට පැමිණි විගස, මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පනවා තිබෙන නඩුවට මුහුණ දීමට ඔහුට සිදු ව තිබේ. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, නැතව ලංකාවට පැමිණෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නීති උපදේශකයන් සිංගප්පූරුවට කැදවා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර මහතා සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුව බලා පිටව ගොස් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + fourteen =