නැවත දැනුම් දෙන තුරු
දුම්රිය පහළොවක ධාවනය නවතී.
කොරෝනා අවදානමත් සමග, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක ධාවනය නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, කොළඹ සිට අඹේපුස්ස, වේයන්ගොඩ සහ මීරිගම දක්වා ධාවනය වන දුම්රිය ගමන් නවතා තිබේ.
ඊට අමතරව, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය ද අද සිට ධාවනය නොවේ.