“නැවත අත් අඩංගුවට ගන්නැයි කරන ඉල්ලීම පිටුපස තිබෙන්නේ ජාතිවාදයයි.” බදියුදීන්ගේ සහෝදරයාගෙන් ජනාධිපතිට ලියුමක්.

0
374
- Advertisement -

නැවත අත් අඩංගුවට ගන්නැයි කරන ඉල්ලීම පිටුපස තිබෙන්නේ ජාතිවාදයයි.”
බදියුදීන්ගේ සහෝදරයාගෙන් ජනාධිපතිට ලියුමක්.


හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් විසින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් මුදා හැරියේ, මහේස්ත්‍රාත් අධිකරණය මගින් මීට පෙර ලබා දී තිබුණු නියෝගයක් මත බව එම ලිපියෙන් ඔහු ජනාධිපතිවරායට පවසා තිබේ.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම්, තමන් නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණු බව රියාද් බදියුදීන් පවසයි. එසේම, තමන් නැවත අත් අඩංගුවට ගන්නා ලෙස කරන ඉල්ලීම, ජාතිවාදය මත පදනම්ව කරන ඉල්ලීමක් බව ද ඔහු පවසයි.

තමන් අත් අඩංගුවට ගත් හේතුව මතම, තමන් සමග අත් අඩංගුවට ගත් තවත් සිව් දෙනෙකු තමන් නිදහස කළ පරිද්දෙන්ම නිදහස් කර ඇති බව ද, රියාද් බදියුදීන්, ඔහු විසින් ජනාධිපතිවරයාට යොමුකරන ලද ලිපියේ සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =