පාස්කු ප්‍රහාරය සිදු වූ අපේ‍්‍රල් 21 වන දා ට පසුව, නැගෙනහිර පලාතේ ඇතැම් පොලිස් නිළධාරීන් කෝටිපතියන් බවට පත් වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ ය.
මේ තත්ත්වය බරපතල කාරණයක් බව පවසන ඥාණසාරි හිමියෝ, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා මේ පිළිබදව දැඩි අවධානය යොමුකළ යුතු බවද පවසයි.